ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් අද එංගලන්තයට

Share

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තවත් විශේෂ ගුවන් යානයක් අද (05) එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

 

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල්.503 දරණ එම යානය අද අලුයම 12.51ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව ගිය බව වාර්තා වේ.

ලන්ඩන් හීතෲ ගුවන්තොටුපල බලා පිටත්ව ගිය එම යානය හෙට (06) අලුයම එම ශ්‍රී ලාංකිකයින් පිරිස රැගෙන යළි දිවයිනට ළඟාවීමට නියමිතයි.

Read more

Local News