මෙරට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් 350කට ආසන්න පිරිසක් නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
තවද යුධ හමුදා සාමාජිකයින් දස දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයෙකු ද මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතර වන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.
මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 33 දෙනාගෙන් 31 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
සෙසු දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් සමීපව ඇසුරු කිරීම හේතුවෙන් නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයින් බවයි අනිල් ජාසිංහ මහතා පැවසුවේ.



