වෙසක් වෙනුවෙන් සමරු මුද්දර තුනක්

Share

මෙවර වෙසක් සැමරුම් උත්සවය නිමිත්තෙන් විවිධ වටිනාකම්වලින් යුත් නව සැමරුම් මුද්දර 3ක් සහ සිහිවටන පත්‍රිකාවක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට නියමිතයි.

 

ඒ අනුව රුපියල් 10, රුපියල් 15 හා රුපියල් 45 යන වටිනාකම්වලින් යුත් සමරු මුද්දර මෙලෙස නිකුත් කරනු ඇත.

‍මෙම සමරු මුද්දර නිකුත් කිරීම අති පූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට(06) අරලියගහ මන්දිරයේදී සිදු කිරීමට නියමිතයි.

වෙසක් මුද්දර සහ සිහිවටන පත්‍රිකාව පුලස්ති එදිරිවීර සහ රාජ්‍ය වෙසක් උත්සව මුද්දරය ඉසුරු චතුරංග යන මුද්දර නිර්මාණ ශිල්පීන් විසින් නිර්මාණය කර ඇත.

Read more

Local News