විදේශයන්හි සිටින ලේඛනගත නොකළ ශ්‍රමිකයන් වෙත නිසි සත්‍යාපන ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ.
විදේශ සබඳතා අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මෙම එකගතාව පළ කර ඇත.
ඊයේ (04) දින විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අදාළ ආයතන සමඟ පවත්වන ලද රැස්වීමක දී මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.



