වැලිසර ස්වසන රෝහලේ නිරෝධායන වු පුද්ගලයින් 46ක් පිටව යයි

Share

වැලිසර ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහල තුළ නිරෝධායනයට ලක් කළ පුද්ගලයින් 46 දෙනෙක් අද(05) දින පිටව ගොස් තිබේ.

 

එයින් 19 දෙනෙක් කාන්තාවන් වන අතර, 27 දෙනෙක් පිරිමි පුද්ගලයින් වෙයි.

කොළඹ ග්‍රෑන්පාස්, බණ්ඩාරනායක මාවතේ පිරිසක් සහ වැලිසර රෝහලේ පිරිසිදු කිරිම් සේවාවේ නිරත සේවක පිරිසක් නිරෝධායන කටයුතු සඳහා අප්‍රේල් 20 වන දින වැලිසර ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලට වෙත ඇතුළත් කර තිබේ.

එම පිරිස ශ්‍රි ලංකා ගුවන් හමුදා වෛද්‍ය අධ්‍යක්ෂකය මඟින් අධීක්ෂණය කරනු ලබන වාට්ටු අංක 11 හා 12 වෙත මෙලෙස නිරෝධායන කිරීම සඳහා යොමු කර තිබුණි.

Read more

Local News