කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ 138ක් අද නිරෝධායනයට

Share

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ඇසුරු කළ පුද්ගලයින් 138 දෙනෙකු අද දිනයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

මහනුවර, කොලබිස්ස ප්‍රදේශයේ පුද්ගලයින් 67 දෙනෙකු, රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 29 දෙනෙකු සහ කොළොන්නාව ප්‍රදේශයේ පුද්ගලයින් 27 දෙනෙකු ඇතුළු පිරිසක් මෙලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගත් බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39ක් තුළ පුද්ගලයින් 4883 දෙනෙකු රැදි සිටින බව ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

Read more

Local News