කොරෝනා ආසාදනයෙන් අද (05) දිනයේ මිය ගිය කාන්තාව වාසය කළ මහල් නිවාස සංකීර්ණයේ පදිංචි සමීපතමයින් 15 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බව මෝදර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසංක රණසිංහ මහතා සඳහන් කළේය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (04) රාත්‍රී මෙම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඇය අද අළුයම අයි.ඩි.එච්.රෝහල වෙත මාරුකර යවා ඇති බව සදහන්ය.
අද දහවල් අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම කාන්තාව මියගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.
කොරෝනා ආසාදනයෙන් මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවකි.



