වෙසක් සැමරුම් තම නිවසට පමණක් සීමා කරන්න

Share

අද (06) රාත්‍රී 8.00 සිට 11 වන සඳුදා දින උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් වෙසක් සැමරුම් තම නිවසට පමණක් සීමා කරන්නැයි පොලීසිය පවසයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

ඒ අනුව වෙසක් සතිය තුළ මීට පෙර පවත්වනු ලැබු දන්සල් හා තොරන් වැනි වැඩසටහන් ද ඒ අනුව නවතා දමා ඇති බව පොලිසීය නිවේදනය කරයි.

බෞද්ධයන් ලෙස මෙම වෙසක් සතිය තුළ සෞඛය අංශ ලබා දුන් උපදෙස් පිළිපඳින ලෙසත්, කොරෝනා ව්‍යාප්ත කරන සතියක් බවට මෙම වෙසක් සතිය පත් නොකිරීමට වගබලා ගන්නා ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි.

Read more

Local News