රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ රාජ්ය හා පෞද්ගලික අංශයේ අත්යාවශ්ය රාජකාරි සඳහා වාර්තා කරන සේවක සේවිකාවන් සඳහා ප්රවාහන පහසුකම් සැපයීමට දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
දුම්රිය නියෝජ්ය සාමාන්යාධිකාරි වි.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේ, රාජ්ය හා පෞද්ගලික අංශයේ මාසික හෝ තෛයිමාසික වාර ප්රවේශත්ර ලබාගත් මගීන් සඳහා පමණක් මෙම වැඩපිළිවෙල වලංගු වන බවයි.
ආයතන ප්රධානීන් හරහා අදාල අයදුම්පත් යොමු කිරිම තුළින් මෙම සේවාව ලබා ගැනිමට හැකියාව පවතින බවත්, මෙම සේවාව ලබා ගන්නා මගීන් කල්වේලා ඇතිව දුම්රිය ස්ථානයට වාර්තා කළ යුතු බවයි වී.එස් පොල්වත්තගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.



