නාවික හමුදාව කොවිඩ් නයින්ටීන් මර්දනය කිරීමේ මෙහෙයුම්වලින් තාවකාලිකව ඉවත්වී ඇති බවට පැතිර යන පුවත අසත්‍ය බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සමාජ මාධ්‍ය ජාලා සහ පුවත් වෙබ් අඩවි කිහිපයක මේ පිළිබඳව අසත්‍ය තොරතුරු පල කර ඇති බවද නාවික හමුදාව සඳහන් කරයි.
කොවිඩ් නයින්ටීන් මැඩලීමේ ජාතික යාන්ත්‍රණය තුළ නාවික හමුදාව විසින් සිදු කරන කිසිදු මෙහෙයුමකින් නාවික හමුදාව ඉවත් වී නොමැති බවත්, ඒ සියලු කටයුතු සඳහා නාවික හමුදාවේ උපරිම දායකත්වය ලබා දෙමින් කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
එමෙන්ම මෙවැනි අසත්‍ය ප්රවෘත්ති පල කරන ආයතන සහ පුද්ගලයන් සම්බන්ධව නීතිමය පියවර ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



