කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ සිටි ශ්රී ලාංකික සිසුන් 186 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(06) සවස කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබේ.
ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 303 දරන එම විශේෂ ගුවන් යානය අද සවස 4.45 ට සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
පසුව ශ්රී ලංකා යුද හමුදාව විසින් ඔවුන්ගේ බස් රථ මඟින් මෙම සිසුන් නීරෝධායන කටයුතු සඳහා රැගෙන යෑම සිදු කෙරුණි.



