ඊයේ හමුවු කොරෝනා ආසාදිතයින්ගෙන් 24ක් නාවික සෙබළුන්

Share

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 797 දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

 

ඒ අනුව ඊයේ දිනයට පමණක් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වූ රෝගීන් 29 දෙනෙකු හදුනාගෙන ඇත.

ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 24 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් 5දෙනා ඔවුන් ඇසුරු කළ පිරිස් බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට දිවයින පුරා රෝහල් වල වෛරසය ආසාදනය වු රෝගීන් 573 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියි.

පුද්ගලයින් 215 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

වෛරසය ආසාදනය විම හේතුවෙන් මේ දක්වා මරණ 09ක් වාර්තා වේ.

Read more

Local News