ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ ගැසට් පත්‍රයක්

Share

ලබන 11 වන දින සිට සාමාන්‍ය කටයුතු සදහා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

ඔහු පෙන්වාදෙන්නේ ඒ පිළිබඳව විශේෂ සාකච්ඡා කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත බවයි.

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මැයි මස 11 වන දින සිට විවෘත කිරීමට රජය මේ වන විට සැලසුම් කර තිබේ.

නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් අදාල කටයුතු සිදු කිරීමට ආයතන ප්‍රධානීන්ට මේ වන විටත් වගකීම් පවරා ඇති බව සදහන්.

පෞද්ගලික අංශයේ ආයතන පෙරවරු 10.00 ට විවෘත කළ යුතු අතර සේවයට කැදවන සේවක සංඛ්‍යාව ආදිය තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරී තිබේ.

අදාල කටයුතු නිසි නීතිමය රාමුවක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

සාමාන්‍ය කටයුතු සදහා ලබන 11 වනදා රට විවෘත කිරීම සිදුවන අවස්ථාවේදී අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මේ වන විටත් සූදානමින් සිටින බව එහි සභාපති කිංස්ලි රණවක මහතා සදහන් කළේය.

එමෙන්ම, සෞඛ්‍ය අංශ උපදෙස්වලට අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Read more

Local News