හෙරොයින් සමඟ දෙදෙනෙක් වත්තල දී අත්අඩංගුවට

Share

හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනෙකු වත්තල, තෙලගපාත පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

වත්තල පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 150 යි මිලිග්‍රෑම් 800 ක් සමඟ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.

එහිදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ජාවාරමෙන් උපයාගත් මුදල් බවට සැක කෙරෙන රුපියල් 96,600ක මුදලක් පොලිසිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් වත්තල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 සහ 32 හැවිරිදි වයස්වල පසුවන්නන් වෙයි.

ඔවුන් අද (08) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News