රජය ලබාදෙන රුපියල් 5000ක දීමනාව සියලුම ගොවි හා ධීවර විශ්‍රාම වැටුප්ලාභීන්ට මැයි මාසය සඳහාත් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව දිවයිනේ තැපැල් කාර්යාල 4200ක් මගින් මැයි 11 වැනිදා සිට එම දීමනාව ලබාදීම ආරම්භ කිරීමට නියමිතයි.
ඊට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 831ක්.
ගොවි විශ්‍රාම වැටුප්ලාභීන් එක්ලක්ෂ හැට දෙදහසකට හා ධීවර විශ්‍රාම වැටුප්ලාභීන් 4907 දෙනෙකුට එම දීමනාව හිමිවනු ඇති.
ඒ අනුව තමන්ට නියමිත තැපැල් කාර්යාලය මගින් මැයි 11,12,13,14, සහ 15 යන දිනවලදී එම දීමනාව ලබාගත හැකි බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ මහේන්ද්‍ර ඈපා මහතා පවසයි.
හදිසි තත්ත්වයක් මත එම දිනවලදී සිය ප්‍රදේශවලට ඇඳිරි නීතිය බලපැවැත්වුවහොත් තම විශ්‍රාම වැටුප් ගිණුම් පොත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට හැකි බවද එම මණ්ඩලය නිවේදනය කරයි.



