තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 15 දෙනෙකු බගවන්තලාව ප්රාදේශීය රෝහල වෙත අද(09) ඇතුළත් කර තිබේ.
බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් තේ වත්තේ මාර ගසක බැද තිබු බඹර කුඩුවලින් එක් කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා බඹර කුඩුව බිමට කඩා වැටිමෙන් පසු බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් බව බඹර ප්රහාරයෙන් තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේය.
බඹර ප්රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්.
මේ දිනවල තේ වතු ආශ්රිත මාර ගස්වල සහ තේ පඳුරු මත විශාල වහයෙන් බඹරුන් කුඩු බැදි ඇති බව වතු කම්කරුවන් කියා සිටියේය.



