අවසන් වරට වාර්තා වු සියලු ආසාදිතයින් නාවික හමුදා සාමාජිකයින්

Share

මෙරටින් අවසන් වරට හඳුනා ගැණුනු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 11 දෙනා වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 835ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ වන විට ආසාදිතයින් 571 දෙනෙකු රෝහල්ගතව පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සුව වු සංඛ්‍යාව 255ක්.

මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 09ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read more

Local News