අද(09) සවස 5.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 260 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් නව දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 844 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ හඳුනාගත් සියලු ආසාදිතයින් නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 575 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
අද දිනයේ දී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලයින් ගණන 20 ක්.



