අවසන් වරට හමුවු කොරෝනා ආසාදිතයින්ගෙන් 10ක්ම නාවික හමුදා සාමාජිකයින්

Share

අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 12 දෙනාගෙන් 10 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ අනෙක් ආසාදිතයින් ‍දෙදෙනා නාවික හමුදා සාමාජිකයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් දෙදෙනෙකු බවයි .

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිත ගණන 847 වෙයි.

ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 578 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read more

Local News