ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 272ක් රැගත් ගුවන් යානයක් දිවයිනට

Share

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඔස්ට්‍රේලියාවේ රැදි සිටි ශ්‍රි ලාංකිකයින් 272 දෙනෙකු අද(10) අළුයම ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ.

 

අද උදෑසන 6.12ට ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානයෙන් පැමිණි සියලු දෙනා මෙන්ම ඔවුන්ගේ ගමන් මලු ද ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විෂබීජ හරණය කිරීමකට ලක් කෙරුණ

පසුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සූදානම් කර තිබූ බස් රථ මගින් මෙම ගුවන් මගීන් සියලු දෙනා නීරෝධායන කටයුතු සඳහා රැගෙන යෑම සිදු කෙරුණි.

Read more

Local News