පෑලියගොඩ ප්‍රදේශයේ දි හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පෑලියගොඩ වික්ටෝරියා පාලම අසලදි හෙරොයින් ග්‍රෑම් 49 මිලි ග්‍රෑම් 500ක් සමඟ සැකකරු ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.
ඔහු අද (10) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.



