අඹුසැමි යුවලක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

Share

ඉංගිරිය පොලිස් වසමේ ඉංගිරිය පානදුර මාර්ගයේ ඉංගිරිය වත්ත හංදිය අසල දී යතුරු පැදියක් පරීක්ෂා කර හෙරොයින් සමඟ සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඉංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත යතුරුපැදියක් නවතා පරීක්ෂා කර හෙරොයින් ග්‍රෑම් 5 ක් සමඟ එම යතුරුපැදියේ ගමන් ගත් අඹුසැමි යුවලක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 හා 33 යන වයස්වල පසුවන ජයලත්ගම, ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් අද(11) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News