අවිස්සාවේල්ල පොලිස් වසමේ සීතාවක ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇත.
මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 28ක් හා 22ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මරණයට පත්ව ඇත්තේ සීතාවකපුර කර්මාන්ත ආයතනයක සේවය කරන ලද දෙදෙනෙකු බව සඳහන්.
අවිස්සාවේල්ල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.



