කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු රෝහලවලින් පිටව ගොස් තිබේ.
ඔවුන්ගෙන් 05 දෙනෙක් අයි.ඩී.එච් රෝහලෙහිද, සිව් දෙනෙක් නාවික මහ රෝහලෙහි ද, අනෙක් තිදෙදෙනා හෝමාගම රෝහලෙහිද ප්‍රතිකාර ලබා ගනී.
ඒ අනුව එම රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටිය දී වරින්වර සිදු කල පී.සී.ආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුළ නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස රෝගීන්ව රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම පුද්ගලයින් 12 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල නාවික හමුදා සාමාජිකයින් 33ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ.
රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.



