මේජර් ජනරාල් සංජීව මුණසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරයේ වැඩ බාර ගනී

Share

මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ අද (11) පස්වරුවේ වැඩ බාර ගෙන තිබේ.

 

මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා වැඩ බාර ගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුලු නිලධාරින් රැසක් එක්ව සිටියහ.

Read more

Local News