ඉන්දියාවේ රැදී සිටි තවත් ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

Share

මෙරටට පැමිණිමට නොහැකිව ඉන්දියාවේ රැඳී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද(12) දිවයිනට රැගෙන ඒමට නියමිත බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතා පවසයි.

 

චෙන්නායිහි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් 479 දෙනෙකු මෙලෙස දිවයිනට රැගෙන ඒමට නියමිත බව යුද හමුදාපතිවරයා කියා සිටියේය.

මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලැබූ නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායන කාලසීමාව අවසන් කළ පුද්ගලයින් 7000කට අධික පිරිසක් නිවෙස් වෙත පිටත් කර හැරීමට පියවර ගෙන ඇති බවද යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

Read more

Local News