ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේ දී බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් විසින් හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සතු තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 110ක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගල්කිස්ස පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.



