ඊයේ දිනයේ දී අමෙරිකාවෙන් කොරෝනා මරණ 1008ක් වාර්තා වෙයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් මේ වන විට ලොව පුරා රටවල්වලින් ආසාදිතයන් හතලිස් දෙලක්ෂයකට වැඩි පිරිසක් හඳුනාගෙන තිබේ.

 

වාර්තාවන සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව දෙලක්ෂ අසූහත්දහසකට අධිකයි.

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ලවූ අමෙරිකාවෙන් ඊයේ(11) දිනයේදී මරණ 1,008 ක් වාර්තා වී තිබුණේ සමස්ත මරණ සංඛ්‍යාව 81,795 දක්වා ඉහළ දමමින්.

ඊයේ දිනය තුළදී ආසාදිතයන් දහ අට දහස් එකසිය අනූහය දෙනෙක් හඳුනාගෙන තිබු අතර ඒ සමඟ සමස්ත ආසාදිතයන් ගණන දහතුන් ලක්ෂ අසූපන්දහස ඉක්මවා ගියේය.

Read more

Local News