තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 23 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.
අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව, ඉරණවිල සහ හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් මෙලෙස පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
අද දිනයේ සුවය ලැබූ පිරිස අතර වැලිසර නාවික හමුදා රෝහලේ සිටි ආසාදිතයින් 14 දෙනෙකු ද වන බව සඳහන්.
ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිට මෙරට පූර්ණ සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 366 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.
මේ වන විට මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 869 ක් දක්වා ඉහළ ගොස් ඇත.



