තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ලබන 14 වනදා අවසන්

Share

අවසන් තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 14 වන දින පස්වරු 4.00ට පෙර භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.

 

එම අයදුම්පත් අදාළ කාර්යාල, රාජ්‍ය ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය හෝ රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත භාරදිමට සහතික කිරීමේ නිලධාරින් කටයුතු කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ.

අදාළ අයදුම්පත් භාරගැනීම පසුගිය අප්‍රේල් මස 28 වන දිනට යෙදී තිබුණ ද පවතින ඇදිරී නීති තත්ත්වය හමුවේ එම කටයුතු සිදු නොවු බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

Read more

Local News