ශ්රී ලාංකික ගුවන් මගීන් 320 දෙනෙකු රැගෙන ශ්රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(12) දින දහවල් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ගුවන් මගීන් ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ චෙන්නායි නුවර රැදී සිටි ශ්රී ලාංකිකයන් පිරිසකි.
ඔවුන් අද දින දහවල් 12.35 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 1122 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් මගීන් අතර ගර්භනී කාන්තාවන් ද සිට ඇති බව සඳහන්.



