තිස්සමහාරාම නගරයේ මහජන හන්දිය ආසන්නයේ පිහිටි නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධි මත්පැන් ස්කාගාරයක් වටලා ඇත.
කතරගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
වැටලිමේ දි නීති විරෝධි මත්පැන් තොගයක් සමග මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබේ.
එහිදි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.



