ඊයේ හමුවු ආසාදිතයින්ගෙන් 18ක් නාවික හමුදා සාමාජිකයින්

Share

අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ් නයිනිටීන් ආසාදිතයින් 20 දෙනාගෙන් 18 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් වෙයි.

 

අනෙක් දෙදෙනොගෙන් එක් ආසාදිතයෙකු පෙර හඳුනා ගත් ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ අයෙකු වන අතර  අනෙක් ආසාදිතයා ඩුබායි සිට මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය සිටි අය බව වාර්තා වෙයි.

ඊයේ දිනය තුළ පමණක් වෛරස ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වු බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදිත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 469 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ත ආසාදිතයින් 889 දෙනාගෙන් 366 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇත.

Read more

Local News