සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 382ක් දක්වා ඉහළට

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටි තවත් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

 

හෝමාගම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් හත්දෙනෙකු, කාත්තන්කුඩිය මුලික රෝහලේ සිටි හයදෙනෙකු, මුල්ලේරියාව මුලික රෝහලේ සිටි රෝගීන් දෙදෙනෙකු සහ අයි.ඩි.එච්.රෝහලේ සිටි එක් රෝගියෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගෙන් 382 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 498ක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News