අද හමුවු කොරෝනා ආසාදිතයින් දෙදෙනාම නාවික හමුදා සාමාජිකයින්

Share

අද දින කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගනු ලැබීය.

 

ඒ අනුව අද(13) දිනයේ වාර්තා වු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් දෙදෙනාම නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 891ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටි තවත් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

තවද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව ද 62ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News