අද කාලගුණය

Share

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ විශේෂයෙන් නිරිත දිග කො‍ටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

දකුණු සහ බස්නාහිර පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර හා උතුරු මැද පළාත්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

දකුණ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර හා අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්මවු වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තාවකාලික තද සුළං ද ඇති වෙයි.

Read more

Local News