ශ්‍රීලන්කන් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි 31ක දක්වා දිර්ඝ කරයි

Share

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවිම මැයි මස 31 වන දින දක්වා දීර්ඝ කිරිමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තිරණය කර තිබේ.

 

විවිධ රටවල් විසින් ගොලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සිමාවන් අඛන්ඩව ක්‍රියාත්මක වන හෙයින් මෙම අත්හිටුවිම සිදුකර ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

කෙසේ වෙතත් රජයට සහය දැක්වීම සඳහා අත්‍යාවශ්‍ය බෙහෙත්, වෛද්‍ය උපකරණ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබේ.

මෙම අවධානම් කාල පරිඡේදය තුළ දී පවා ගුවන් සමාගම විදේශ විනිමය තුළින් අත්‍යාවශ්‍ය ආදායමක් රට තුළට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

Read more

Local News