ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලක්ෂ 44 ඉක්මවයි

Share

ලොව පුරා කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 44 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

 

මේ වන විට ආසාදිතයින් හතළිස් හතර ලක්ෂ 25,639 දෙනෙකු හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෛරසය ආසාදනය විමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ 97,765 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ(13) දිනයේත් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර එම සංඛ්‍යාව 1772ක්.

මේ වන විට වෛරසය ආසාදනය විමෙන් අමෙරිකාවේ මරණ 85,197ක් සිදුව ඇත.

Read more

Local News