මෙරට රැදී සිටි බ්‍රිතාන්‍යය ජාතිකයින් පිරිසක් දිවයිනෙන් පිටත්ව යයි

Share

මෙරට රැදී සිටි බ්‍රිතාන්‍යය ජාතිකයින් සහ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් 96 දෙනෙකු ඊයේ(13) රාත්‍රී 11.35ට දිවයිනෙන් පිටත්ව ගියේය.

 

ඒ කටුනායක ගුවන්තොටුපලේ සිට පිටත්වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් වාරයකින්.

විදෙස් ගතවීම සඳහා පැමිණි පිරිස කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට ඇතුලත් කරගැනීමට පෙර ඔවුන් සහ ඔවුන්ගේ ගමන් මළු විෂබීජහරණයට ලක්කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සිදුකරනු ලැබීය.

පසුව එම පිරිසගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීමෙන් පසු එම පිරිසට ගුවන් යානය වෙත ඇතුල් වීමට අවසර හිමි විය.

Read more

Local News