හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 570 ක් හා රුපියල් 140000 ක් ළඟ තබා ගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
මොරටුව පොලිස් වසමේ රාවතාවත්ත ප්‍රදේශයේ දී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 42 ක් වු රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සැකකාරිය අද(16) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



