‍ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන ලක්ෂ 46 ඉක්මවයි

Share

ලොව පුරා කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 46 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

 

ඒ අනුව වෛරස ආසාදිතයින් 46 ලක්ෂ 19,742 දෙනෙකු හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වැඩිම ආසාදිතයින් ගණනක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.

ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 25,398 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

අමෙරිකාවේ ගත වූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 1565 දෙනෙකු මියයාමත් සමඟ වෛරසය හේතුවෙන් එරට මියගිය ගණන 88,477 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

Read more

Local News