කොරෝනා ආසාදිතව සුව වූ පුද්ගලයින් ගණන 538ක්

Share

අද(17) පෙරවරු 10.00 වන විට කොවිඩි නයින්ටීන් ආසාදිතව සුව වු පුද්ගලියන් 18 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මේ වන විට කොවිඩි නයින්ටීන් ආසාදිතව සුව වු පුද්ගලියන් ගණන 538ක් දක්වා ඉහළ ගොස් ඇත.

අයි.ඩී.එච්, මුල්ලේරියාව, හෝමාගම සහ වැලිසර නාවික හමුදා යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ආසාදිතයින් 413 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

ඒ අනුව මේ දක්වා කාලය තුළ වාර්තා වූ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගෙන් සියයට 50කට අධික පිරිසක් සුවය ලබා තිබේ.

Read more

Local News