කොරෝනා ආසාදිතව සුවය ලැබු නාවිකයින් ගණන 204ක්

Share

කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල PCR පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ(17) රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

 

මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ්-19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් 05 දෙනෙකු කොළඹ නාවික මහ රෝහලෙහිද, තවත් පුද්ගලයින් 05 දෙනෙක් හෝමාගම රෝහලෙහිද, සිව්දෙනෙක් මුල්ලේරියාව රෝහලෙහිද, එක් නාවික හමුදා පුද්ගලයෙක් අයි.ඩි.එච් රෝහලෙහිද ප්‍රතිකාර ලබා ගෙන තිබේ.

ඒ අනුව එම රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කල පී.සී.ආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුළ නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.‍

මෙම නාවික හමුදා පුද්ගලයින් 15 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 204ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

Read more

Local News