කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.
ඒ අනුව මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පිරිස 559 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 981ක් වන අතර ඉන් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 413ක් වෙයි.



