මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 986ක් දක්වා ඉහළට

Share

අද(18) සවස 6.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 986 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර අද දිනය තුළ කොවිඩ් නයින්ටීන් වෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 21 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 559 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ වන විට ආසාදිතයින් 418 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read more

Local News