ඊයේ(18) උදෑසන 6.00 සිට අද(19) උදෑසන 6.00 දක්වා වු ගත වු පැය 24 තුළ දී ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 730 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී වාහන 252 ක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මේ අතර පසුගිය මාර්තු මස 20 වන දින සිට අද දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 59765 ක් වන අතර වාහන 16668 ක් ද වෙයි.



