මීරිගම වෙළඳ සැලක ගින්නක්

Share

මීරිගම පොලිස් වසමේ මීරිගම නගරයේ පිහිටා ඇති විදුලි උපකරණ වෙළඳ සැලක ඊයේ(19) දින හදිසි ගින්නක් හට ගෙන තිබේ.

 

පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වී ඇති පොලීසිය හා ගම්පහ ගිනි නිවන ඒකක‍යේ නිලධාරීන් ගින්න මැඩ පවත්වා තිබේ.

ජීවිත හානි කිසිවක් නොමැති අතර සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News