කම්බි කූරකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කරයි

Share

එරාවූර් පොලිස් වසමේ චෙන්කල්අඩි ප්‍රදේශයේ දී කම්බි කූරකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

 

ඊයේ(19) රාත්‍රී 11.20ට පමණ මෙය සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබු පුද්ගලයා මඩකපුව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 25 ක් වු‍ චෙන්කල්අඩි ප්‍රදේශයේ තරුණයෙකි.

පුද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් ඝාතනය සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.

ඝාතනය කළ සැකකරු හඳුනා ගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලා ‍ගොස් ඇති බව පොලිසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එරාවූර් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read more

Local News