අදත් පළාත් කිහිපයකට තද වැසි

Share

දිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ඇතැම් ස්ථානවලට විශේෂයෙන් නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට මිලිමිටර 50ට වැඩි තරමක වැසි ඇති වෙයි.

දිවයින හරහා හමා යන සුළඟේ වේගය පැයට කිලෝ මීටර 40 ට වැඩි විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට අකුණු ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News