අද කාලගුණය

Share

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය අද(22) දිනයේදීත් තවදුරටත් පවතී යැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී.75 පමණ තරමක තද වැසි ද ඇති විය හැක.

ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා ඇත.

Read more

Local News